සම්බුදු සසුනේ අසිරිමත් කරුණු අටක්

සම්බුදු සසුන ඉතා ආශ්චර්යවත්, අසමසම වූවක් බව පහාරාද සූත්‍රයේ දී බුදුරදුන් විසින්ම මේ ශාසනය මහ සයුරට උපමා කරමින් වර්ණනා කොට ඇත. එදා පහාරාද අසුරේන්ද්‍රයා බුදුරදුන් වෙත පැමිණ මහ මුහුදෙහි ඇති අසිරිමත් ලක්‍ෂණ අටක් ගැන සඳහන් කරයි. එම ලක්‍ෂණ අටට උපමා කරමින් සම්බුදු සසුනෙහි ඇති සුවිශේෂ ලක්‍ෂණ අටක් බුදුරදුන් විසින් ගෙන හැර දක්වා ඇත. 1. මෙහි... Continue Reading →

භග දහම් සය

ඓශ්චර්ය භාග්‍ය ,ධර්ම භාග්‍ය, යසස් භාග්‍ය, ශ්‍රී භාග්‍ය, කාම භාග්‍ය, ප්‍රයත්න භාග්‍ය යනු එම සය ය. ඓශ්වර්ය භාග්‍ය නම්, ඊශ්වර බව හෙවත් අධිපති බවයි. මෙයද ක්‍රම කිහිපයකට විස්තර කර දිය හැකි වේ. ඉන් පළමු වැන්න චිත්තේශ්වර බවයි. එහි අදහස සම්පූර්ණ ලෙසම සිතෙහි අධිපති බව තමා සතු බව යි. රජ, සිටු, දේව, බ්‍රහ්ම, සෘද්ධිමතුන් ආදී කිසිවෙකුට... Continue Reading →

සම්මා සම්බුදු රජාණන් වහන්සේ සතු සුවිශේෂි පෙළහර කිහිපයක්

‘අණිමා මහිමා පත්ති පාකම්මං ලසිමා තථා ඊසතා ච වසිතාච යත්ථ කාමාව සායිතා’ ‘අණීමා’ යනු ශරීරය කුඩා කිරීමේ හැකියාව ය. සම්මා සම්බුදු රජාණන් වහන්සේට අට පිරකර සහිතව අබ ඇටයක පමණ වූ අවකාශයක සතර ඉරියව්වෙන් කල් ගෙවීමට හැකියාව ඇති බවත්, මිනිස් ඇසිපියක සක්මන් කිරීමට හැකියාව ඇති බවත්, පෙන්වා දෙයි. ‘මහිමා’ යනුවෙන් පෙන්වා දෙනුයේ ශරීරය විශාල කිරීමේ හැකියාව... Continue Reading →

නමස්කාරය නිවැරැදිව තේරුම් ගනිමු

නමෝ - නමස්කාරය වේවා!, තස්ස භගවතෝ- ඒ භගවත් අහරතෝ- අර්හත් වූ, සම්මා සම්බුද්ධස්ස, සම්මා සම්බුදු රජාණන් වහන්සේට යනු එහි වචනාර්ථයයි. අපි එය සරලව භාවිතා කරන ආකාරයට ‘ඒ භාගවත් අර්හත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! වෙයි. මෙලෙස කුඩා වචන තුනකින් කියවෙන බුදුගුණ අනන්තයි, අපරිමිතයි. අපරිමිතව පැතුරුණු පුළුල් අරුතක් ඒ වචන තුනෙහි අඩංගු වේ. බොහෝ... Continue Reading →

නිවනට යන ‘වාහන’ හත

බෞද්ධයාගේ පරම පැතුම නිවන යි. ඒ සඳහා සතර මාර්ග ඤාණ ලබාගත යුතු වෙයි. ඊට ළඟාවීමේ මාර්ගයක් ලෙස මෙම ‘සප්ත විශුද්ධි ප්‍රතිපදාව ‘ හඳුන්වා දිය හැකිය. ‘විශුද්ධිය ‘ යනු පිරිසුදු බවයි. සසර සැරිසරන විට නිරන්තරයෙන් කෙලෙස් නමැති මලවලින් අපිරිසුදු වන පෘථග්ජන සත්වයාගේ සිත විශේෂයෙන් පිරිසුදු බවට පත්කරන ධර්ම ‘විශුද්ධි ධර්ම’ ලෙස හඳුන්වන අතර, එවැනි කාරණා හතක්... Continue Reading →

බුද්ධ කාරක ධර්ම

සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ලොව පහළවීම අතිශය දුර්ලභ කරුණකි. බුද්ධවංසය දෙස විමසිලිමත්ව බලන විට බුද්ධ ශූන්‍ය කල්ප වැඩි බව පැහැදිලි වෙයි. මේ කල්පය මහාභද්‍ර කල්පය නමින් හඳුන්වනු ලැබේ. මහාභද්‍ර කල්පයෙහි බුදුවරු පස් නමක් පහළ වෙති. පස් නමකට වැඩියෙන් පහළ වන කල්පයක් නැත. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යනුවෙන් බුදුවරු හතරනමක් පහළ වී ඇති මේ කල්පයෙහි ම... Continue Reading →

රූපයන්ගේ ආස්වාදය හා ආදීනවය

සම්මා සම්බුදුරජාණන්වහන්සේ මහා දුක්ඛක්ධන්ධ සුත්‍රයේදි රූපයන්ගේ ආස්වාදය මෙසේ පෙන්වාදෙනු ලැබේ. “ කොච භික්‍ඛවෙ රූපානං අස්සාදො? සෙය්‍යථාපි භික්‍ඛවෙ ඛත්තිය කඤඤාවා බ්‍රාහමණ කඤඤාව ගහපතික ඤඤාවා පණණරස වස්සුදෙදසිකාවා සොළස වස්සු දෙදසිකාවා නාතිදිඝා නාති රස්සා නාතිකියා නාති ථුලා ....යං ඛො භික්ඛවෙ සුභං වණ්නනිභං පටිච්ච උප්පජජති සුඛං සොමනසයං අයං රූපානං අස්සාදො” මහණෙනි, රූපයන්ගේ ආස්වාදය කවරේද? මහණනි, පසළොස් හැවිරිදි වු හෝ... Continue Reading →

පුද්ගලික දාන දහ හතර සහ සංඝගත දක්ෂිණා හත

දසබලධාරි තථාගත සම්බුදුරජාණන් වහන්සේ දක්ෂිණා විභංග සුත්‍ර දේශනාවේදි "පින්වත් ආනන්දය වෙන වෙනම දිය හැකි පුද්ගලික දාන දහ හතරක් තියෙනවා, ඒවා මේ විදියයි" 1. බුදුරජාණන් වහන්සේ උදෙසා දන් දෙනවා, 2. පසේ බුදුරජාණන් වහන්සේ උදෙසා දන් දෙනවා, 3. තථාගත ශ්‍රාවක රහතන් වහන්සේලා උදෙසා දන් දෙනවා, 4. අරහත් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයන් උදෙසා දන් දෙනවා, 5. අනාගාමි ශ්‍රාවකයන්... Continue Reading →

නිවැරිදිව සාංඝික දානයක් පිරිනමන්නේ කෙසේද?

බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවේ නිග්‍රෝධාරාමයේ වැඩ සිටින සමයක සුළු මෑණියන් වන මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ ඇවිත් වන්දනා කර "ස්වාමිනී, මේ වස්ත්‍ර යුගල මගේ අතින්ම නූල් කැටලා, වියලා මා විසින්ම පිළියෙල කළේ ඔබ වහන්සේටමයි, ඒ නිසා අනුකම්පා කරලා මේ වස්ත්‍ර යුගල පිළිගන්නා සේක්වා" කියා අයැද සිටියා. එවිට බුදුරජාණන් වහන්සේ "පින්වත් ගෞතමිය සංඝයාට පූජා කරන්න, එවිට එය මටත්... Continue Reading →

බුදුරදුන්ට අකුසල් විපාක ඵල දුන්නා ද?

  දානාදී දස පාරමිතා ධර්ම පුරා ලොවුතුරා බුදුබවට පත් අප බුදුපියාණන් වහන්සේට පූර්ව කෘත කර්ම විපාක ලැබිණි ද යන්න සැදැහැවත් ඇතැම් බෞද්ධ ජනයාට ගැටලුවකි. පිටකාගත කරුණු විමසා බැලීමේ දී බුදුරදුන්ට කර්ම විපාක දුන් බව පිළිගත යුතුව තිබේ. අපදාන පාලියේ පුබ්බකම්ම පිලෝතිකාපදානය තුළින් බුදුරදුන්ට පූර්ව අකුසල කර්ම විපාක දුන් ආකාරය සදහන් වෙයි. දිනක් බුදුරජාණන් වහන්සේ අතිරමණීය... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑